Room No 203

A Sinhala Short story

Thilina Dasantha
34 min readJun 17, 2022

--

Hi! මගේ Phone එකේ Notification එක දැකලා මම ඇහැරුණා.

Hey! මම හැරෙන තැපෑලෙන් reply එකක් දැම්මා.

එයාව මුණගැහිලා අදට මාසයයි. බොලඳ නිසා One month anniversary එකක් සමරන්න අපි දෙන්නා තීරණය කලා.

වැඩිය සෙනඟ ගැවසෙන්නේ නැති තැනක් තෝරගන්න එක තමයි මට තිබ්බ පළවෙනි අදහස. මොකද මේ වගේ දේවල් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවරවෙයිද කියලා අපිට කියන්න බැරි නිසා.

හැමදෙයක්ම සැලැස්මකට අනුව කලාම වැඩ ලේසියි. නැත්තම් සෑහෙන මහන්සියක් වෙනවා හරියට දේවල් හදාගන්න.

හවස ලේසිද ඔයාට නැත්තන් උදේ හොඳද? එයා මගෙන් අහනවා.

හවස ලේසි නේද? මගේ සැලැස්මට අනුව හවස තමයි හොඳම. හැඟීම් වෙනස්වෙන සුළු නිසා.

****

මමයි එයයි දෙන්නම තීරණය කලේ අපි දෙන්නා මුලින්ම මුණගැහුන Park එකට යන්න. අපි දෙන්නාගේ මතක ගොඩක්, ගොඩක් කිව්වට ඉතින් මාසෙකට වගේ සෑහෙන්න මතක ඒ පාක් එකේ තියෙනවා.

ඒ පාක් එක කිට්ටුව තිබ්බා ලස්සන Resort එකක්.

Park එක කිව්වට ඒකේ වැඩිය මිනිස්සු එන යන තැනක් නෙවෙයි. ඒ නිසා එතන ලස්සනයි.

හවස 4 වගේ වෙද්දි මම පාක් එකට ගියා. මම හොඳටම දන්නවා එයා මම පරක්කු වෙනවට කැමති නෑ කියලා.

මම ඉතින් Resort එකට ගිහින් හැමදෙයක්ම ලෑස්ති කරා එයා එන්න කලින්. මටත් ලේසියි එතකොට.

1st Date එක කොහොමද කරන්නේ කියන එක මට ඉස්සර ඉඳන්ම තියෙන ප්‍රශ්නයක්. මොකද ඒක සෑහෙන අමාරු දෙයක්. මම හිතන විදියට ඒක තමයි Relationship එකක තියෙන Starting Point එක. 1st Date එකේදී දෙන 1st Impression එක බොහොම වැදගත් දෙයක්.

වෙලාව ටිකෙන් ටික යද්දි මගේ මුලින් තිබ්බ Confidence Level එකත් ලාවට අඩුවුණා. ටිකක් Nervous වගේ. මොනා උනත් අමුතුයි ටිකක්.

4.45ට වගේ මම එයා එනවා දැක්කා.

දුඹුරු පාට ගවුමට එයාව මාර ලස්සනයි. ඇස් වල පාටට ගැලපෙනවා. මං ආසයි ඒකට. මං හිතන්නේ මං වැඩියෙන්ම ආස ඒකට. ඒ කිව්වේ එයාගේ දුඹුරු ඇස්වලට.

හායියියියි! කියාගෙන මං දිහාට එයා දුවගෙන ආවා.

හායි හායි… මං අත ඉස්සරහට දැම්මේ සෑහෙන ගොන් විදියට. ඇයි යකෝ මං එහෙම කලේ, කෙල්ලට කවුද අතට අත දෙන්න යන්නේ. මං යටි හිතින් හිතුවා.

අත ඉස්සරහ තියෙද්දි එයා කෙලින්ම ඇවිත් මාව බදාගත්තා. ඒක වෙනස්ම හැඟීමක්.

ඹ්කේ!!! මට කියන්න දෙයක් තිබ්බේ නෑ ඒ වෙලේ.

අපි යංද? එයා ඇහුවා.

--

--

Thilina Dasantha